ටිබෙටයේ අභිරහස් නගරය

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

ෂැංගීලා(shangri -la), ධර්මශාලා නමින්ද හදුන්වන්නේ මේ පුරවරයයි.

හිමාලයේ ටිබෙත සානුවේ පවතින්නේ යැයි විශ්වාස කරන අභිරහස් නගරයකි. මෙය හිරණ්‍යක නම් රජුගේ හොහොයුරු මානස නැමත්තා විසින් කරවන්නට ඇතැයි සැලකේ. මෙහි උගතුන් බුද්ධිමත් ආරක්ෂා සහිතව නවතා තැබූ බව තිබෙත ජනකතාවල එයි. හිමාල අඩවියට එන යෝගීන්ට ආහාර හා වෙනත් අවශ්‍යතාවන් සදහා මෙය ඉදිකරන්නට ඇතැයි සැලකේ. මානස විලද තැනුවේ ඉහත මානස නැමැති පාලකයා විසින් යැයි කියවේ. මෙය කිසිවෙකු විසින් සොයාගෙන නොමැති අතර විවිධ ජනකතාවල පමනක් එන පුරවරයකි.

හිමාල අඩවියේ සීතල ගිරි හිස් අතර මිහිදුමෙන් වැසීගිය සානුවල මොන තරම් රහස් සැගවී ඇද්ද?

වසර 1800සිය ගනන්වල හරි අපූරු මිනිසෙක් ටිබෙටයේ ගමකට ලගාවූයේ මග වැරදීමෙන් අතරමන් වීමෙනි.  මේ මිනිසා වටා ගම්මු වටකරගත්හ. මිනිසුන්ගේ අශ්වාස ප්‍රාස්වාසය වැදීමෙන්දෝ බලාසිටියේදීම රෝගී වූ ඒ මිනිසා මියගියේය. එකල සිටි කාය ව්‍යවච්ඡේද විශේෂඥයන් පැවසූවේ මේ අද්භූත මිනිසා වසර දහසක්වත් වියපත් මිනිසෙක් බවය.

එසේනම් ඔහු ෂම්හාලා නොහොත් ධර්මශාලා අභිරහස් පුරවරයේ මිනිසෙක් වියැ යුතුයැයි මිනිසුන් කීහ.

යම් නගරයක වැසියෙකුට කිසිදින හර්දයාබාධයක්, පිළිකාවක් සෑදී මියගියේ නැද්ද? එම අභිරහස් පුරවරයෙන් පිටතට ගියවිට සාමාන්‍ය වැසියන්ගේ රෝගබීජ සහිත ඇසුරෙන් පවා සැනින් මිය ගියේද? ඒ ෂැංගීලා පුරවරයේ වැසියෝයි.

ෂම්හාලා නොහොත් ධර්මශාලා නගරය භාවනා යෝගී මුණිවරයින්ගේ නගරයකි. අතීත ලෝකයේ දැනුම අනාගතය වෙනුවෙන් සංරක්ෂණය වන්නේත්, නේක කලාවන්ගේ පරතෙරට ගියවුන් මෙහි වෙසෙනබව කියැවේ.

Post a Comment

0 Comments